ආසාදිතයින් සංඛ්‍යාව 40,000 ආසන්නයේ – මරණ 186ක්

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40,000කට ආසන්න වී තිබේ.
ඊයේ (25) දිනයේ නව ආසාදිතයින් 551 දෙනෙකු හඳුනාගත් අතර මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,782ක් ලෙස සටහන් විය.
ඒ අතරින් 36,099 දෙනෙකු කොරෝනා දෙවන රැල්ලේ ආසාදිනයින් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.
මේ අතර, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 186ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (25) දිනයේදී තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වූ අතර අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් ඇති වූ උග්‍ර හෘද රෝගී තත්ත්වයකින් මියගොස් තිබූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.