බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොවිඩ්

බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ලලිත් පත්මකුමාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට  අද  (28) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී අනාවරණය වූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ජේ සිංහබාහු මහතා පැවසීය

බෙන්තර පාලම අසල   සිදුකළ  ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී  ඒ බව අනාවරණය වූ බව සිංහබාහු මහතා කීය

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මූලික රෝග ලක්ෂණ කිහිපයක්  ස්ථානාධිපතිවරයාට  හට ගැනීමෙන් අනතුරුව  ඔහු ස්වෙච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත් වී ඇත

ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක්  වෙත  යොමු කිරීමට නියමිතය.