සතියකට දිනක් දේශීය ඇඳුම් අඳින්න’ බතික් ඇමති ඉල්ලයි

ලබන වර්ෂයේ සතියට දිනක් හෝ දේශීයව නිෂ්පාදනය කරන ඇඳුම් භාවිත කරමින් සේවයට වාර්තා කරන ලෙසට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රාජ්‍ය සේවකයන් ගෙන් ඉල්ලා සිටිනවා.
දේශීය ඇඟලුම් නිෂ්පාදිතයින් ආරක්ෂා කිරීම, දේශීය වශයෙන් ඇඟලුම් ක්ෂේත්රයේ නව රැකියා උත්පාදනය, ඇඟලුම් සඳහා වාර්ෂිකව විදේශයන්ට ගලා යන දේශීය විනිමය නතර කරගැනීම යන කරුණු අපේක්ෂාවෙන් මෙම ඉල්ලීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මේ අනුව මිලියන තුනකට ආසන්න රාජ්‍ය සේවයේ යෙදෙන සැම දෙනා සහය ලබා දෙන මෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කර ඇත.