පඩි වෙනුවට කුඩු දී’ වැඩ ගත් හාම්පුතු පොලිස් අත්අඩංගුවේ

තමා යටතේ සේවය කරන පුද්ගලයන්ට වැටුප වෙනුවට හෙරොයින් ලබාදුන් අයෙක් පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් පෙරේදා (26 වැනිදා) වත්තල හුනුපිටියේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හුනුපිටියේ පිහිටි පොහොර නිෂ්පාදන ආයතනයකට සේවකයන් සපයන ආයතනයක හිමිකරුවෙක් වන 54 හැවිරිදි අයෙකි. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15ක් සොයාගෙන තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!