අපි හිතුවෙ පුටිං කෙනෙක් කියලා, හැබැයි දැං හිටංටත් අන්තයි – සුදත්ත හිමි
‘මට නං බොහොම සරලව කියන්න තියෙන්නෙ, කොවිඩ් වෛරසය ආසාදනය වෙච්ච මළකුණක් ආදාහනය කරන්න කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරි තරමට ආණ්ඩුව පත්වීම පත්වෙලා තියනවා. පාස්කු ප්රහාරය එල්ල උන වෙලාවෙ මෙයාලා කිව්වෙ මද්රසා පාසල් වහනවා, ශරියා නීතිය පිළිබඳ තීරණයක් ගන්නවා, හලාල් ගැන, මුස්ලිම් ළමා විවාහ ගැන තීරණයක් ගන්නවා කිව්වා. හැබැයි දැං මැරිච්ච මළකුණක් වලදාගන්න තරං වත් ආණ්ඩුවට කොන්ද පන නෑ.’
‘එක රටක් එක නීතියක් කියලා බලයට පත්වෙච්ච ආණ්ඩුව හකීම්ගෙ, බදුර්දීන්ගෙ මන්ත්රීවරු එක්ක එකතුවෙලා 20 වැනි සංශෝධනය සම්මත කරගත්තේ රෙදි ඇඳගෙනද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. අද කියපු දේවල් රෙද්ද පල්ලෙන් බේරෙන තත්වයට පත්වෙලා තියනවා.’
‘මේ රටේ හැටනම ලක්ෂයක් බහුතර ජනතාව බලාපොරොත්තු උනේ පුටින් කෙනෙක්. හැබැයි දැං බලාගෙන යද්දි හිටංටත් වඩා අන්තයි කියලා අපිට පේනවා.’
මාගල්කන්දේ සුදත්ත හිමි මෙම අදහස් පළකලේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපට අද පැවති විරෝධතාවය අතරතුරදීය.