බ්‍රිතාන්‍ය කොරෝනාවෛරස නව ප්‍රභේදය සිංගප්පූරුවටත් යයි
මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු කොරෝනාවෛරස නව ප්‍රභේදය ආසාදිතයෙකු පළමු වරට සිංගප්පූරුවෙන් හමුවී තිබේ.
සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඔවුන් යුරෝපයෙන් මෑතක පැමිණි කොරෝනා ආසාදිත සංචාරකයින්ගෙන් හමුවූ කොරෝනාවෛරස වල ජානමය පරීක්ෂා සිදු කරන බවය.
ඒ අනුව, පසුගිය නොවැම්බර් 17 වන දා සිට දෙසැම්බර් 17 වන දා දක්වා යුරෝපයේ සිට පැමිණි කොරෝනා ආසාදිත සංචාරකයන් 31 දෙනාගෙන් එක් අයෙකු මෙම කොරෝනාවෛරස නව ප්‍රභේදය වන B117 ආසදිතව පැමිණ ඇතැයි තහවුරු වී ඇත.
මෙලෙස කොරෝනාවෛරස නව ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ මෙම වසරේ අගෝස්තු මස සිට එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ අවුරුදු 17ක ශිෂ්‍යාවකට ය.
ඇය දෙසැම්බර් 6 වන දා සිංගප්පූරුව වෙත නැවත පැමිණ ඇති අතර නිරෝධායනයට යොමු කර සිටියදී දෙසැම්බර් 8 වන දා ඇයට කොරෝනාවෛරස නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, අදාළ ශිෂ්‍යාව නැවත පැමිණි දා සිට හුදෙකලා කර තැබීම හේතුවෙන් වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට ඔවුන් සමත් වූ බවය.
එමෙන් ම, මෙම කොරෝනාවෛරස නව ප්‍රභේදය සමාජය තුළ සංසරණය වන බවට මෙතෙක් සාක්ෂි නැති බවද සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.