කොවිඩ් 19 හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන 4.9ක ප්‍රදානයක්

කොවිඩ්-19 වසංගතය නිසා කඩාවැටුණු සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමේ අරමුණ ඇතිව ක්‍රියාවට නංවා ඇති සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් ඉදිරි කටයුතු සියල්ල අසාර්ථකවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.

මෙම නියමු ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට යුක්‍රේනයේ සිට පැමිණි මුල් ම සංචාරක කණ්ඩායමේ හය දෙනකුට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බව පෙන්වා දෙන වෛද්‍ය හරිත අලුත්ගේ මෙලෙස ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යෑමක් නිර්මාණය වුවහොත් අන්තරාදායක තත්ත්වයක් උද්ගත වීමට බෙහෙවින් ඉඩ ඇති බව පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙලෙස පැමිණෙන සංචාරකයන් නවාතැන් ගෙන සිටින හෝටල්වලින් එළියට යෑමට සිදුවන බවත් එසේ පැමිණීමේදී, බාහිර සමාජය සමග ගැටෙන අවස්ථා ඇති වීම අනිවාර්යයෙන් ම සිදුවන බවත් විශේෂයෙන් ශ්‍රී  දළදා මාලිගාව, සීගිරිය වැනි සංචාරකයන් පැමිණෙන ස්ථානවලට දේශීය සංචාරකයන්ද පැමිණෙන බැවින් දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව පවතින බවත් සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේ,  එවැනි අවස්ථාවලදී දේශීය සංචාරකයන්ගෙන් එම විදේශිකයන් වෙන්කර තබාගැනීමට පියවර ගත යුතුව ඇතැයි පෙන්වා දෙයි.

මෙම සංචාරක කණ්ඩායම් නවාතැන්ගෙන සිටින හෝටල්වල සේවය කරන කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහා ඔවුන්ට ආරක්ෂක ඇඳුම් කට්ටල හා උපකරණ ලබාදිය යුතුව ඇති අතර  එම සේවකයන්, සංචාරකයන් සමග ගැටෙන අය බැවින් ඔවුන්ට දෛනිකව නිවෙස් කරා යෑමට ඉඩ දිය යුතු නැතැයි පෙන්වා දෙන වෛද්‍ය හරිත අලුත්ගේ, සංචාරක කර්මාන්තය නගාසිටුවීමට පියවර ගැනීම මෙන්ම, මිලියන 22ක් වන රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමු විය යුතුව ඇතැයි සඳහන් කරයි.

මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී මාර්ගෝපදේශ උල්ලංඝනය වන බවට චෝදනා එල්ල වී තිබෙන බවත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය යුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.