ඉදිරියේදී සෑම අමාත්‍යංශයකටම හමුදා නිලධාරියෙක් !
සෑම අමාත්‍යංශයක් තුළම අතිරේක ලේකම් (සංවර්ධන) නමින් අලුතින් තනතුරක් ස්ථාපිතකර ඒ සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ද ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙම පත්කිරීමට හේතුව ලෙස ඇතැම් අමාත්‍යංශ හරහා සිදුකිරීමට අපේක්ෂා කළ සංවර්ධන වැඩසටහන් කාර්යක්ෂම හා පලදායි ලෙස ක්‍රියාත්මක නොවීම ලෙස දක්වා ඇත.
ඒ අනුව මිට අදාල කැබිනට් සන්දේශයක් ඉදිරියේදී යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ .
මෙම පත්කිරීම්වලට අමතරව ගෝඨාභය රාජපක්ෂ විසින් විවිධ රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා හමුදා නිලධාරීන් පත්කරමින් සිටිනු දැකිය හැක.