යුද හමුදාව මඟින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇරඹෙයි
මෙතෙක් පෞද්ගලික ආයතනයක් මඟින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම හේතුවෙන් රටට විශාල මුදලක් අහිමි වුණා. ඒ තත්ත්වය වෙනස් කරමින් යුද හමුදාව මගින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම අද (01) ආරම්භ කෙරුණේ මහජන මුදල් අපතේ යාම වැලැක්වීම සදහා ගත් තවත් පියවරක් ලෙසටයි.
පසුගිය කාලය පුරාම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික අංශය මගින් සිදු කෙරුණා. රජයේ සම්පත් තිබියදී මෙසේ පෞද්ගලික අංශය මගින් සිදු කිරීමෙන් විශාල මුදලක් අපතේ ගියා. මෙම තත්ත්වය වෙනස් කරමින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම යුද හමුදාව වෙත භාර කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි.
මෙසේ මුද්‍රණය කළ පළමු රියදුරු බලපත්‍රය යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලබා දීම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා අතින් සිදුවුණා.
යුද හමුදාපතිවරයාගේ රියදුරු බලපත්‍රය පළුදු වීම හේතුවෙනුයි නව රියදුරු බලපත්‍රයක් ලබාගෙන තිබෙන්නේ. අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.