ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව ජනගත කරයි
ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව අද ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී ජනගත කළා.
සන්නාම දෙකෙහි සේවා ඒකාබද්ධ කිරීමේ අවස්ථාවට ආයතන දෙකෙහි ප්‍රධානීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියා.
ශ්‍රී ලංකා ටෙලිකොම් ස්ථාවර, ජංගම හා වෙනත් මෙහෙයුම් අංශ තුළින් මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ පුරෝගාමි මෙහෙවරක් ඉටුකර තිබෙනවා. එමෙන්ම මොබිටෙල් ආයතනය ද ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන සේවාවක් ලෙස ජනප්‍රියත්වයට පත්වුණා.
සන්නාම ඒකාබද්ධ කිරීම හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සේවා එකම සන්නාමයක් යටතට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, මොබිටෙල් ආයතනය සමග අත්වැල් බැද ගනිමින් ෆෝ ජී හා ෆයිව් ජී මෙන්ම රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් සේවා එකම සන්නාමයක් යටතේ පිරිනමමින් පාරිභෝගික සේවා සැලසිමයි ව්‍යාපෘතියේ අපේක්‍ෂාව.