අත්‍යවශ්‍ය ආහාර වර්ග දහයක් සඳහා පෙබරවාරීයේ සිට ස්ථාවර මිළක්

අත්‍යවශ්‍ය ආහාර වර්ග දහයක් සඳහා පෙබරවාරී මාසයේ සිට ස්ථාවර මිළක් නියම කරන බව වෙළඳ අමාත්‍යංශය නිවේදනය කරයි

හාල් ,පිටි,සීනී,පරිප්පු,ටින් මාළු ,හාල්මැස්සන්,ළූණු,අර්තාපල්,බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක් සඳහා මෙසේ ස්ථාවර මිළත් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව නිවේදනයේ සඳහන් වේ

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දේශිය නිෂ්පාදකයන්ගෙන් හා සෘජු ආනයනකරුවන්ගෙන් සැපයුම් මිළ ගණන් කැඳවීමේ පුවත්පත් දැන්වීමක් මෙම මස පළ කීරීමට කටයුතු කරව බවත් ඒ අනුව ඉහළ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ අවම මිළකට මිළ දී ගැනීමට වෙළඳ අමාත්‍යාංශය සියළු කටයුතු සූදානම් කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (02) මිහින්තලයේ ප්‍රකාශ කළහ.