කොරෝනා මැද රට රෙද්දට කෝටි ගාණක් වැය කරලා – දයාසිරි ජයසේකර

2019 වසරේදී රුපියල් මිලියන 347,245කත්, 2020 දී 269,545කත් මෙරටට නිමි ඇඳුම් ආනයනය කර ඇති බව බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දේශයට පැවසීය.

එහෙත් මෙරට ප්‍රධාන පෙලේ නිම් ඇඳුම් අලෙවි ආයතන ආනයනිත කරන්නේ 20%ක් බවත් ඔවුන්ගෙන් 80%ක්ම දේශීය නිෂ්පාදකයන්ගෙන් ලබාගන්නා බවත් හෙතෙම පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රටේ මුදල් පිටට නොයා දේශීය නිෂ්පාදකයා රැකගැනීමේ අරමුණින් ආනයනය ඇඟලුම් නිෂ්පාදන සඳහා තමන් බදු ඉහළ දැමූ බව අමාත්‍යවරයා කීය.