කංසා ගැන නීති ලිහිල් කරන්නැයි දේශීය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්
කංසා තවදුරටත් අවදානම් සහිත මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින්වීම ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් පියවරට අනුගතවෙමින් මෙරට නීතිද ලිහිල් කරන ලෙස සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටි.
අද (03) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමය අවධාරණය කළේ, ලෝකයේ සෙසු රටවල් මෙන් ඖෂධ ඇතුළු කංසා නිෂ්පාදන නීතිගත කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවය.
කැනබීස් සෙටයිවා (Cannabis setiva) යන විද්‍යාත්මක නමින් හඳුන්වන කංසා ශාකය, ත්‍රෛලෝක පත්‍ර හෙවත් විජය පත්‍ර ලෙස ආයුර්වේදයේදී හදුන්වනු ලබයි.
මෙරට කංසා භාවිතය තහනම් කරනු ලබන්නේ, ඉංග්‍රීසි පාලන සමයේදී දුම්කොළ වගාව සහ දුම්පානය ප්‍රචලිත කිරීමේ අරමුණින්ය.