රත්නපුර රෝහල කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් කඩිනම් පියවර.

සබරගමුව පළාතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙක තුල වෙසෙන ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයන ප්‍රධාන රෝහල වන රත්නපුර ශික්ෂණ රෝහල කොවිඩ් වෛරසයෙන් තොර කලාපයක් බවට පත් කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම, වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගනිමින් සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සහ රෝහල සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, රත්නපුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනුජ රොද්‍රිගෝ මහතා ඇතුලු රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද දින (07) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
රත්නපුර ශික්ෂණ රෝහල තුලින් කොවිඩ් වෛරසය ආසාදිත වූවන් වාර්තා වීමත් සමග වෛරසය පාලන වැඩපිළිවෙල ශක්තිමක් කිරීමට ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යතුමිය හදිසි ප්‍රතිකාර ධාරිතාවය සහ කොවිඩ් පරීක්ෂණ කටයුතු ඉහළ නැංවීමටත්, රෝගීන් කළමණාකරණය කර ගනිමින් රෝහලේ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් අවශ්‍ය උපදෙස් රෝහලේ නිලධාරීන්ට ලබා දෙන ලදි. රෝහල් කාර්ය මණ්ඩලය වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සදහා වන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට අවශ්‍ය උපදෙස් ද ලබාදෙන ලදි. කොවිඩ් ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදු කරනු ලබන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල කිසිදු හිඟයකින් තොරව මේ වන තෙක් ලබා දී ඇති බැවින්, ඉදිරියටත් හිඟයකින් තොරව එම පරීක්ෂණ කට්ටල ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. එමෙන්ම හදිසි සේවා අවශ්‍යතාවය මත රෝහලට තවත් පී.සී.ආර් යන්ත්‍රයක් ලබාදීමට කටයුතු සිදු කරමින් පවතින බැවින් දැනට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ ධාරිතාවය ඉහළ නැංවීමට Extraction යන්ත්‍රයක් ලබාදීමටත්, වෙන්ටිලේටර් යන්ත්‍ර 05 ක්, high flow oxygen යන්ත්‍ර 07 ක් කඩිනමින් ලබාදීමට එකගතාවයකට පැමිණෙන ලදි.
එමෙන්ම ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට පියවර ගනිමින් වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවා ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය අවම කිරීමටත්, අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුලු ඖෂධ හිඟයකින් තොරව ලබාදීමත් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු වලට අදාල සැළැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කඩිනමින් ලබාදෙන ලෙස පැවැසූ සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒ අනුව රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද පෙන්වා දෙන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.