ට්‍රම්ප් ගේ යූටියුබ් නාලිකාවත් අත්හිටුවයි

ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ යූටියුබ් නාලිකාව තාවකාලිකව අත්හිටුවීමට ඇල්ෆබට් සමාගම පියවර ගෙන ඇත.

මේ අනුව, අවම දින 7ක් ගතවන තුරු කිසිඳූ වීඩියෝවක් මෙම නාලිකාවට එක් කිරීමට හෝ ලයිව් ස්ට්‍රීම් කිරීමට නොහැකි වනු ඇති බවත්, මෙම කාලය තවදුරටත් දික්කිරීමට ඉඩකඩ ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම පිළිබඳ සිය සමාගමේ නීති කඩකිරීම නිසා මෙම තීරණය ගත් බව යූටියුබ් පවසයි.

යූටියුබ් වීඩියෝ බෙදාහැරෙන සමාජ මාධ්‍ය අයත් ගූගල් සමාගමේ මවු සමාගම වන්නේ ඇල්ෆබට් සමාගම යි.

ජනාධිපති සහාය දක්වන කණ්ඩායම් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසු ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම ඒවායේ තිබෙන ජනාධිපති ට්‍රම්ප්ගේ ගිණුම් අවහිර කිරීමට පියවර ගත්තේ ය.

ට්‍රම්ප් ගේ ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාගම් කටයුතු කර තිබූ අතර, ට්විටර් සමාගම විසින් ට්‍රම්ප් ගේ ගිණුම් සදාතනිකව අත්හිටුවා තිබේ.

මීට අමතරව ඇමේසන් සමගමේ ට්විච් ද ට්‍රම්ප් ගේ ගිණුම අක්‍රිය කර ඇති ඇති අතර, ඔහුගේ ස්නැප්චැට් ගිණුමද ලොක්කර තිබේ.

තවද, ජනපතිවරයා හා ඔහු විසින් මැතිවරණ ප්‍රථිඵල අභියෝගයට ලක්කරන ලෙස ඔහු සිදුකළ ඉල්ලීම් හා සම්බන්ධ අන්තර්ගතයන් සීමා කිරීමට Shopify, Pinterest, TikTok සහ Reddit ද කටයුතු කර තිබුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!