සිංහල බෞද්ධ රටේ දෙමළ භාෂාවට තැන දෙන්න එපා : බුදුගල ජිනවංස හිමි

ශ්‍රී ලංකා පොලීසියේ නීති අංශය ශක්තිමත් කිරීම සඳහා නීතිඥයන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට බඳවා ගැනීම සඳහා රජය තීරණය කර තිබෙන අතර එහිදී දෙමළ භාෂා හැකිය‍ාවට ප්‍රමුඛතාවය ලබාදෙන බව වාර්තා වී තිබිණි. ඊට හේතුව වන්නේ රටපුරා සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ඔවුන් සේවයේ යෙදවීම සඳහායි.

කෙසේ නමුත් හෙළ බොදු සවිය සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් අවධාරණය කරන්නේ සිංහල බෞද්ධ රටේ දෙමළ සහ මුස්ලිම් තරුණ නීතිඥයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි. රාජ්‍ය නිළධාරීන් බඳවා ගැනීමේදී ජාතිය, ආගම, භාෂාව මත විශේෂත්වයක් දැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, තරග විභාගයක් නොපවත්වා ‍සෘජුව සම්මුඛ පරීක්ෂණ මගින් මෙම 150 දෙනා තෝරා ගැනීම සුදුසු නොවන බවත් හෙළ බොදු සවිය ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වසර පහක කාලයක් රට භාරදුන්නේ මෙවැනි තත්වයක් අපේක්ෂාවෙන් නොවන බවයි එම සංවිධානයේ සභාපති බුදුගල ජනවංස හිමි පවසන්නේ.

මෙම බඳවා ගැනීම සඳහා ඉඩ දුනහොත් තවත් වසර 10 – 15 ක් පමණ ගතවන විට ඉහළ පොලිස් නිළධාරීන් සියලු දෙනා මුස්ලිම් හා දෙමළ පුද්ගලයන් වීමේ අවදානමක් මතුවන බව පෙන්වා දෙන බුදුගල ජිනවංස හිමි පවසන්නේ මෙය සිංහල බෞද්ධ ජනතාව නැති කිරීමේ කුමන්ත්‍රණයේ තවත් එක් කොටසක් වියහැකි බවයි.

හෙළ බොදු සවිය සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපිය…

ගරු ජනාධිපතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ 01

ගරු ජනාධිපතිතුමනි,

නීතිඥයන් පොලිස් පරික්ෂකවරුන් ලෙස බදවා ගැනීම

වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත කරන ලද ඉල්ලීමකට අනුව නීතිඥවරුන් 150ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල සදහන් වෙයි. එලෙස බඳවා ගන්නා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකන බව කියවේ. මෙම නිළධාරින් බඳවා ගැනීමේ දී සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගැනීමෙන් පසුව පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිතය. විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් බඳවා ගැනීමට තීරණය කීරිම ගැටළු සහගතයි. ජාතිය,ආගම සහ භාෂාව මත විශේෂතාවයක් දක්වා රජයේ නිළධාරින් බදවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය.

ගරු ජනාධිපතිතුමනි, මේ රට පාලනය කිරිමට ඔබතුමාට වසර 5 කට බාරකර ඇත. ලෝකයේ බහුතර සිංහල ජනතාවක් ජීවත් වන රටක් වන්නේ අප රට පමණි. ලෝකයේ බලවත් ජාතින් ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව නැති කිරිමේ උපක්‍රම භවිතා කරන බව ඔබ තුමා නොදන්න කරුණක් නොවේ. මේ ආකාරයට පොලිස් පරික්ෂකවරුන් ලෙස බඳවා ගැනීමේ දි අති බහුතරයක් දෙමළ හා මුස්ලිම් තරුණ නීතිඥයන්ට මෙම අවස්ථාව ලැබෙයි. එක යුගයක මෙවැනි උපක්‍රමයකින් නීති විද්‍යාලයට බහුතර නීති ශිෂ්‍යන් බඳවා ගත් ආකාරයටම මුස්ලිම් නීතිඥයක් පත්වීමත්, වසර 10ක් 15ක් යන විට සියලුම පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ඉහළ පොලිස් නිළධාරින් වන්නේ ඔහුන්ය . අප රට දෙවිදියටක ත්‍රස්වාදයට මුහුණ දුන් රටකි. කොටි ත්‍රස්වාදයට උදව් කල ඉහළ පොලිස් නිළධාරි සිටි ඇත. අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ, මෙම නිළාධාරින් එවැනි සිදු විමකට සම්බන්ධ වන බවට. එහෙත් අප රට තුළ ඉදිරියේ ත්‍රස්වාදයක් ඇති විමට කිසිම ඉඩක් තබා ඔබතුමාගේ පාලනය අවසන් කළ යුතු නැත. ඔබතුමා මහා ත්‍රස්වාදයක් රට තුළින් අවසන් කිරිමට උරදුන් නායකයෙකි. එබැවින් මෙවැනි ජාතිවාදි අදහසකින් රාජ්‍ය නිළධාරින් බඳවා ගැනීම කිසිසේත්ම සුදුසු නැත.

දැනටමත් නීතිවේදය හැදැරූ උපාධිධාරීන් සංවර්ධන නිළධාරින් ලෙස බඳවා ගෙන ඇත. නීතිඥයන් හො සිවිල් නිළධාරින් ලෙස පොලිස් ස්ථානවලට බදවා ගැනි ඉතාම සුදුසුය. එයට හේතුව මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ කරුවන් අල්ලාගෙන අව්දින් සාමන්‍ය පෙල දක්වා උගත් පොලිස් නිළධාරින් විසින් අපරාධකරුවන්ගේ තොරතුරු හා අපරාධය සිදු කළ ආකාරය ලියනු ලබයි. ඉන්පසුව එම ලියවිල්ල අපරාධයේ ප්‍රධාන සාක්ෂියකි. එම ලියවිල්ල හරියට නොලියන අවස්ථාවල දි අපරාධකරුවන් නීතිය හමුවේ නිවැරදිකරුවන් බවට පත්වෙයි.

එම නිසා පොලිස් පරික්ෂකවරුන් ලෙස නොව සිවිල් නිළධාරින් ලෙස බඳවා ගෙන මෙම සිදු කරන මත්ද්‍රව්‍ය, ඇතුළු සියලු අපරාධ කරුවන් නීතියේ රැහැනට හසු කරගැනිමට කටයුතු කිරිම ද එයට එක් භාෂාවක ප්‍රමුඛස්ථානය ලබා නොදි සමස්ත රටේම ජනතාව විභාග දෙපාර්මේන්තුවේ විභාග පටිපාටියට අනුව සිදු කරන ලෙසත් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි

බුදුගල ජිනවංස හිමි
සභාපති