ට්‍රම්ප් ධවල මන්දිරයේ වූ ලිපි ලේඛන – භාණ්ඩ ඉවත් කරයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වූ ලිපිලේඛන ඇතුළු බොහෝ දේ පෙට්ටිවලට අසුරා ඉන් ඉවත් කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
ධවල මන්දිර සේවකයන් විසින් ලිපිලේඛන හා භණ්ඩ පෙට්ටිවලට අසුරා ඒවා ධවල මන්දිරයෙන් ඉවත් කරන දර්ශන එරට මාධ්‍යවල උකුසු ඇසට හසුවී තිබුණි.
තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම්දීමේ උත්සවයට සහභාගී නොවන බවද සඳහන් කර ඇති ට්‍රම්ප්, අවසන් මොහොත දක්වාම යළිත් බලය ලබාගැනීමට දැඩි ප්රයත්නයක් ගත්තට පසුගිය සතියේ කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ ප්රචණ්ඩ වාතාවරණයෙන් පසුව යම් පසුබැසීමක් දක්වන බවක් පෙන්වන බවද දේශපාලන විචාරකයෝ පවසති.
කෙසේ වෙතත් පෙන්ටගනය විසින් අතිරේක හමුදා භටයන් 25,000ක් දිවුරුම්දීමේ උත්සවයේ ආරක්ෂාව සඳහා යෙදවීමට මේ වනවිට අනුමැතිය ලබාදී ඇති බවද වාර්තා වන්නේ, එරට FBI ආයතනය විසින් යළිත් ප්රචණ්ඩ උද්ඝෝෂණ රැල්ලක් ඇතිවීමේ අවදානමක් ගැන අනතුරු අඟවා ඇති නිසාය.