පෞද්ගලික වාහනයක ගමන් කිරීමේදී මුව ආවරණ අනිවාර්ය නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පෞද්ගලික වාහනයක ගමන් කිරීමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා. සිය පවුලේ සාමාජිකයින් සමග ගමන් ගන්නා අවස්ථාවකදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. එහෙත් පෞද්ගලික වාහනයක පිටස්තර පුද්ගලයින් නංවා ගෙන යන්නේ නම්, එවැනි අවස්ථාවල මුව ආවරණ පැළඳීම අනිවාර්යෙන් සිදුකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උපදෙස් දෙනවා. මේ අතර පසුගිය දා මුව ආවරණ නොපැළඳි පුද්ගලයින් සොයා පොලීසිය කොළඹදී මෙහෙයුම් සිදු කළා.