වොෂිංටන් අසල්වැසි ප්‍රදේශ වෙතද ප්‍රහාර එල්ල විය හැකි බවට නගරාධිපතිනිය කියයි
වොෂිංටන් ඩී.සී. නගරාධිපති මියුරියල් බවුසර් ඉරිදා උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවස සිටියේ, දිස්ත්‍රික්කයේ අසල්වැසි නේවාසික ප්‍රදේශවලට එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳවද ඇය සැලකිලිමත් වී ඇති බවයි.
“මම සැලකිලිමත් වන්නේ රාජ්‍ය අගනගරයන් ගැන පමණක් නොවෙයි. වොෂිංටන් ඩී.සී. හි අනෙකුත් අසල්වැසි ප්‍රදේශ ගැනද මම සැලකිලිමත් වෙනවා” බවුසර් පැවසීය.
ඒ අනුව මේ වනවිටත් කැපිටල් හිල් සහ අවට ප්‍රදේශ ලොක්ඩවුන් කර ඇති බව සඳහන් කරන ඇය පෙන්වා දෙන්නේ, එය බොහෝ ප්රවෘත්ති ආයතන විසින් පුළුල් ලෙස වාර්තා කර ඇති බවයි. “ඔබ පෙන්වන්නේ සැබවින්ම වොෂිංටන් ඩීසී හි ෆෙඩරල් වාසස්ථානයයි. අප 700,000ක් ජීවත් වන ස්ථානය නොවෙයි.”
ඒ අනුව නගරාධිපතිනිය කියා සිටියේ එවැනි පුළුල් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක වන බවත්, එවැනි ප්‍රහාරයක් සිදුවුවහොත් එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත්ය.
“අපගේ පොලිස් දෙපාර්තමේන්තුව, අපගේ ෆෙඩරල් නීතිය බලාත්මක කිරීමේ හවුල්කරුවන් සහ එක්සත් ජනපද හමුදාව සමග වැඩ කරමින්, අවංකවම අපගේ අසල්වැසි ප්‍රදේශවල අපට කිසියම් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය හැරවීමේ සැලසුමක් පවතිනවා.” ඇය පැවසුවාය.
නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන්ගේ දිවුරුම්දීම සමග මෙම ප්රහාරයන් පිළිබඳ බොහෝ අනතුරු ඇඟවීම් FBI බුද්ධි අංශ විසින් සිදුකර ඇති අතර, පසුගියදා කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ ප්‍රහාරය එවැනි ප්‍රහාර මාලාවක ආරම්භය විය හැකි බවටද අදහසක් තිබේ.