පොම්පෙඕ ඇතුළු ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 28කට චීන රජය සම්බාධක පනවයි
චීන විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ගෙනයමින් පසුගිය වසර කිහිපය තුළ සිය ආත්මාර්ථකාමී දේශපාලන අවශ්‍යතා මත කටයුතු කළ එක්සත් ජනපදයේ රාජතාන්ත්‍රිකයන් පිරිසකට චීන රජය විසින් සම්බාධක පමුණුවා තිබේ.
එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ රාජ්‍ය ලේකම් ධුරය දැරූ මයික් පොම්පෙඕ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් 28කට මෙසේ සම්බාධක පැනවෙන බව චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුනිං පවසයි.
චීනයට එරෙහි අගතිය සහ වෛරය පමණක් ගෙනහැර දක්වමින්, චීන හා ඇමෙරිකානු ජනතාවගේ අවශ්‍යතා ගැන කිසිදු තැකීමක් නොකර මොවුන් සිය දේශපාලන සැලසුම් මාලාවක් ප්‍රවර්ධනය කර ක්‍රියාත්මක කළ බවට චීනය චෝදනා කරයි.
ඔවුන්ගේ උන්මත්තක ක්‍රියා හමුවේ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බරපතල ලෙස මැදිහත්වීමක්, චීනයේ අවශ්‍යතා අඩපණ කිරීමක්, චීන ජනතාව අමනාප කිරීමක් සහ චීනය සහ එක්සත් ජනපදය අතර සබඳතා බරපතල ලෙස කඩාකප්පල් කිරීමක් සිදුවූ බවද චීනය පවසයි.
ඒ අනුව චීනයේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා චීන රජය දැඩි අධිෂ්ඨානයකින් පසුවන වාතාවරණයක, චීනයේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කළ සහ චීනය සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ එවැනි පියවරයන්ට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පුද්ගලයන් 28 දෙනෙකුට එරෙහිව මෙසේ සම්බාධක පැනවීම සඳහා අනුමැතිය ලබාදීමට චීනය තීරණය කර තිබේ.
ට්‍රම්ප් පරිපාලනයේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ, පීටර් කේ. නවාරෝ, රොබට් සී. ඔ’බ්‍රයන්, ඩේවිඩ් ආර්. ස්ටිල්වෙල්, මැතිව් පොටින්ගර්, ඇලෙක්ස් එම්. අසාර්, කීත් ජේ. ක්‍රාච්, කෙලී ඩී.කේ. ක්‍රාෆ්ට් සහ ජෝන් ආර්. බෝල්ටන් සහ ස්ටීවන් කේ. බැනන් යන පුද්ගලයන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන්ට චීනයේ ප්‍රධාන භූමියට සහ හොංකොං සහ මැකාවෝ වෙත ඇතුළුවීම තහනම් කර තිබේ. ඔවුන් සහ ඔවුන් හා සම්බන්ධ සමාගම් සහ ආයතනද චීනය සමග ව්‍යාපාර කිරීම මෙම සම්බාධක තුළින් සීමා කර ඇත.