ශ්‍රීපාද වන්දනාවේ ගිය 5 දෙනෙකුට කොවිඩ්

ශ්‍රිපාද වන්දනාවේ ගිය  ගාල්ල  පාසලක රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් 04 දෙනෙකුට හා ක්‍රිඩකයකුගේ මවට  කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් 12 දෙනෙකු දෙමව්පියන් සමග ජනවාරි 17 වැනිදින  ශ්‍රිපාදවන්දනාවේ ගොස් ඇත. මින් ක්‍රිඩකයින් දෙදෙනෙකු හික්කඩුව ප්‍රදේශයේ හා අනික් අය විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

18 වැනිදින  මෙම පිරිස නුවරඑළිය බලාගොස්  එහි විලා එකක නතර වි සිට ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. යලි මොවුන් ගාල්ලට පැමිණ ඇති අතර එහිදි රගර් ක්‍රිඩකයකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ඒ මහතා පවසයි.

මෙවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලිනිවසක පදිංචිව සිට ඇත. පසුව රගර් ක්‍රිඩකයාට කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. පසුව හික්කඩුව ප්‍රදේශයේ පදිංචි මෙකි පාසලේ රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් දෙදෙනාට ද පි.සි.ආර් පරික්ෂණවලදි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

පි.සි ආර් පරික්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකොට ඇත. මෙකි පාසල් රගර් ක්‍රිඩකයින් 04 දෙනා . කරාපිටිය රෝහලේ36 වාට්ටුවේ සිට අම්බලන්ගොඩ පොල්වත්ත කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය සදහා යොමුකරණ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.