කොවිඩ් එන්නත ගෙන්වා ගැනීමේ ගිවිසුම ගැන නීතිපති පැහැදිලි කිරීමක් ඉල්ලයි
කොවිඩ්-19 එන්නත ඉන්දියාවෙන් මෙරටට ගෙන්වාගැනීම සඳහා සකස්කර ඇති ගිවිසුමට අදාළව වැඩිදුර පැහැදිලි කිරීමක් තමන් වෙත යොමුකරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
අදාළ ගිවිසුමේ අඩුපාඩු ඇති බවට හඳුනාගත් බැවින් නීතිපතිවරයා එවැනි ඉල්ලීමක් සිදුකළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන “ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා“ එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය දා නීතිපතිවරයාට අදාළ ගිවිසුම යොමු තිබුණි.