සෞඛ්‍ය ඇමතිවරියට කොවිඩ් බව තහවුරු වෙයි

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට මීට පෙර හඳුනාගෙන තිබුණි.

ඒ අනුව PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයට ලක්වී සිටි බවද වාර්තා විය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!