කොවිෂීල්ඩ් එන්නත ලංකාවට ලබාදීමට කටයුතු සිදු කෙරෙනවා
කොවිඩ් මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත ශ්‍රී ලංකාවට ලබාදීමට අදාළ කටයුතු සැලසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශකර ඇත්තේ කොවිෂීල්ඩ් එන්නත හදිසි භාවිතය සඳහා ශ්‍රී ලංකා රජය විසින් අනුමත කිරීම සුභවාදී තත්වයක් බවය.
ඒ අනුව අදාළ එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අදාළ කටයුතු දෙරටේ රජයන් විසින් සිදුකරමින් සිටින බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මේ අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ් -19 මර්දන එන්නත් භාවිත කිරීම සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් අද (23) දිනයේ සිදු කිරීමට නියමිතව තිබේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ස්ථාන 03කදී මෙම පෙරහුරුව සිදුකරන බවය.
“පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ, පිළියන්දල ප්‍රාදේශීය රෝහලේ සහ කොළඹ උතුරු ශික්ෂණ රෝහලේ එම කටයුතු සූදානම්කර තිබෙනවා. මේ පෙරහුරුව කරන්නේ එන්නත් ලබාදීමේදී මතුවන ගැටලු හඳුනා ගන්න. දිනක් හෝ පැයක් තුළ දිය හැකි එන්නත් ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නත් මින් බලාපොරොත්තුවෙනවා. අනෙකුත් ගැටලු හඳුනා ගන්නත් මෙම පෙරහුරුව අවශ්‍ය වෙනවා.”