තවත් පාසල් සිසුවෙකුට කොවිඩ්
මොණරාගල වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙකුට සහ ඇයගේ මවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
ඒ බව හඳුනාගෙන ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 78 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණ තුළිනි.
මේ අතර නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයෙන් ඊයේ දිනයේත් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලුදෙනා මීට පෙර වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය.
ඔවුන් සියලුදෙනාම ඊයේ පස්වරුවේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණි.
ඒ අනුව නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 63කි.