සල්මාන්ගේ ‘රාධේ’ ඊද් දිනයේදී සිනමා හල්වලට
2020 වසරේ ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර තිබු සල්මාන් ඛාන්ගේ ‘රාධේ’ චිත්‍රපටය මේ වසරේ ඊද් දිනය යෙදී ඇති මැයි 12 වැනිදා උතුරු ඉන්දිය සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.
ප්‍රභුදේවා අධ්‍යක්ෂණය කර ඇති මෙම ‘රාධේ’ චිත්‍රපටයේ සල්මාන්ට අමතරව, ඩිෂා පටානි, රන්දිප් හොන්ඩා, ජැකි ෂෙරොෆ්, දකුණු ඉන්දීය සිනමා නිළි මෙග්නා ආකාෂ් මෙහි රංගනයෙන් දායක වෙයි. චිත්‍රපටය යශ්රාජ් චිත්‍රපට සමාගම විසින් බෙදාහැරිමට නියමිතව ඇත.