සියලු දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ සියලු දුම්රිය අද සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දුර ගමන් සේවා සියල්ල ද අද සිට ආරම්භ වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව සියලු මාර්ගවල දෛනිකව ධාවනය කරන සියලු දුම්රිය සේවා අද සිට පෙර පරිදි ධාවනය කෙරෙනු ඇත.

සුඛෝපභෝගී දුම්රිය සේවා හා පාර්සල් ඇතුළු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. රාත්‍රී තැපැල් දුම්රිය ද අද සිට ධාවනයට එක් කිරීමට නියමිතයි.