මෙක්සිකොවේ සුපිරි ධනවතා කොවිඩ් ආසාදිතයෙකු වෙලා
මෙක්සිකෝවේ ධනවත්ම පුද්ගලයා වන කාලෝස් ස්ලිම් හේලූ කොවිඩ්-19 ආසාදිතව සිටි බවත්, මේ වනවිට ඔහු ක්රමයෙන් සුව අතට පත්වෙමින් සිටින බවත් ඔහුගේ පුතා නිකුත් කළ ට්විටර් පණිවුඩයකින් කියැවෙයි.
ඔහුගේ පුත් කාලෝස් ස්ලිම් ඩොමින් සිය ටිව්ටර් පණිවුඩයෙන් කියා තිබුණේ, සතියක පමණ මෘදු රෝග ලක්ෂණවලින් පසුව තම පියා කොවිඩ් වෛරසයට යහපත් ප්රතිචාරයක් දැක්වූ බවය. එහිදී සායනික විශ්ලේෂණය, අධීක්ෂණය සහ නිසි ප්රතිකාර සඳහා තම පියා රෝග වැළැක්වීමේ ජාතික පෝෂණ ආයතනයට ගිය බව ඩොමිට් පැවසීය.
80 හැවිරිදි ප්රකෝටිපති ව්යාපාරික ස්ලිම් හෙලූ, ගෝලීය ටෙලිකොම් සමාගම් සමූහයක ප්රධානියා වන අතර එයට ටෙල්මෙක්ස්, අමෙරිකා මෙවිල් සහ ගෘපෝ කාර්සෝ යන ජංගම සන්නිවේදන සමාගම් ඇතුළත් වේ.
එම පවුලේ ලාභ නොලබන කාලෝස් ස්ලිම් පදනම සහ ඇස්ට්රාසෙනෙකා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ගිවිසුමක් අත්සන් කළේ ලතින් ඇමරිකාව පුරා ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්රාසෙනෙකා එන්නත කිසිදු ලාභයකින් තොරව නිෂ්පාදනය කිරීමට සහ බෙදා හැරීමට උපකාර කිරීම සඳහාය.