නවසීලන්තයේ යළි කොවිඩ් හිස එසවීමක් වාර්තා වෙයි
නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (25දා) ප්‍රජාව තුළ කොවිඩ්-19 පිළිබඳ පළමු සිද්ධිය මාස දෙකකට වැඩි කාලයකට පසුව වාර්තා කළේය.
දෙසැම්බර් 30 වැනි දින යුරෝපයේ සිට ආපසු පැමිණි 56 හැවිරිදි මෙම කාන්තාව ඕක්ලන්ඩ් හි සති දෙකක අනිවාර්ය නිරෝධායනයකින් ඉවත්වීමෙන් පසු ධනාත්මක පරීක්ෂණයක් සිදුකර තිබේ. එහිදී ඇය දෙවරක් සෘණාත්මක ලෙස පරීක්ෂා කර මුදාහැර ඇති අයෙකු බවද සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසයි.
මෙම කාන්තාව සඳහා සම්පූර්ණ ජානමය අනුක්‍රමික ප්‍රතිඵලවලින් පෙනී ගියේ ඇය ප්‍රථම වරට දකුණු අප්‍රිකාවේදී අනාවරණය කරගත් ප්‍රභේදය වැලඳී ඇති බවත්, ඇය නිරෝධායනය කළ පහසුකමෙහි සිටි තවත් ආගන්තුකයෙකු සමග සම්බන්ධ වී ඇති බවත්ය.
ඒ අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථානවල වාතාශ්‍රය සහ වායු සමීකරණ පද්ධති හරහා වෛරසය පැතිරෙන්නේ දැයි බලධාරීන් සොයා බලමින් සිටින බවද හිප්කින්ස් වැඩිදුරටත් පැවසීය.