රංගන ශිල්පී ජයතිස්ස අතුලසිරි මහතාගේ අවසන් කටයුතු අද
ප්‍රවීණ රංගන ශිල්පී ජයතිස්ස අතුලසිරි මහතා පසුගිය (24)දා ජීවන රඟමඩලට සමුදුන්නා. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 68 වන වියෙහි පසුවූවා.
1969 වසරේදී වේදිකා ගත වූ ‘රෙදි හෝදන මහත්වරුන්’ වේදිකා නාට්‍ය ඔස්සේ ඒ මහතා වේදිකාවට පිවිසි අතුලසිරි මහතා එතැන් පටන් වේදිකා නාට්‍ය 30 කට අධික සංඛ්‍යාවකට ඒ මහතා ස්වකීය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
එමෙන්ම හිම ගිරි අරණ ටෙලි නාට්‍යයෙන් මෙරට ටෙලි නාට්‍ය කලාවට එක්වන ඔහු ස්වයංජාත, ගිරිකුල, ගිරිදේවී, ඇතුළු විශිෂ්ඨ ටෙලි වෘතාන්ත 80කට රංගනයෙන් එක්වුණා. ජයතිස්ස අතුලසිරි මහතා සිනමාවට එක්වුණේ 1988 වසරේ තිරගතවූ සූරියකාන්තා චිත්‍රපටයෙන්. එතැන් සිට අසිනි වර්ෂා, අරුමෝසම් වැසි,ඉර මැදියම හා සුදුකළු සහ අලු යන චිත්‍රපට අතුළු චිත්‍රපට 40කට පමණ රංගනයෙන් එක්වී තිබෙනවා.
දේහය පිළිබද අවසන් කටයුතු අද (25) පස්වරු 05.00ට පොතානේගම ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.