නෙදර්ලන්තයේ ඇඳිරි නීතිය පනවා තිබියදී විරෝධතාවල නිරතව සිටින අය පාලනය කිරීම සඳහා කැරැලි මර්දන පොලීසිය
සති අන්තයේ සිට උණුසුම්ව පවතින නෙදර්ලන්තයේ ඇඳිරි නීතිය පනවා තිබියදී විරෝධතාවල නිරතව සිටින අය පාලනය කිරීම සඳහා එරට කැරැලි මර්දන පොලීසිය කටයුතු යොදා තිබෙනවා.
දැඩි කොරෝනා මර්දන නීති ගෙන ඒමට එරෙහිව මේ විරෝධතා මතු වී තිබෙනවා. එරට මාධ්‍ය පවසන ආකාරයට විරෝධතාවල දී ප්රචණ්ඩ ලෙස හැසිරුණු 150කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රොටර්ඩෑම් නගරයේ නගරාධිපතිවරයා හදිසි තත්ත්වයක් නිවේදනය කළත් පිරිස පාලනය කිරීමට නොහැකි වීම නිසා පොලීසිය අනතුරු ඇඟවීමේ වෙඩි සහ කඳුළු ගෑස් එල්ල කර තිබෙනවා. මේ විරෝධතා “අපරාධකාරී ප්රචණ්ඩ ක්‍රියා“ යැයි එරට අගමැති මාර්ක් රූත් පවසනවා.