පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල ලබන මස සිට ඉහළට

පාන් ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ලබන මස සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල මෙලස ඉහළ නැංවීමට තීරණය කළ බවයි අදාළ සංගමය පවසන්නේ.

බේකරි නිෂ්පාදන සදහා යොදාගන්නා ඔයිල්වලට පනවා ඇති බදු මුදල් අඩු කිරීමට රජය කටයුතු කළහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම වළක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!