බිස්නස් එක තියාගන්න නම් නැගෙනහිර ජැටිය සංවර්ධනයේදී ඉන්දියාව පැත්තකට කරලා හරියන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති (VIDEO)
කොළඹ වරායේ නැගෙනහිර ජැටියට අදාළව ව්‍යාපාරික වාසිය රැඳී තිබෙන්නේ ඉන්දියාව සමඟින් වන නිසා මෙහිදී ඉන්දියාවේ සම්බන්ධ වීම අතිශය වැදගත් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබුණු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
”මේ පොර්ට් එක හැදෙන්නෙම ඉන්දියාවේ ට්රාන්ස්ෂිෆ්මන්ට් එක සඳහා. නැත්නම් මේ පොර්ට් එකෙන් වෙන දෙයක් කරගන්න නෙවෙයි. ලංකාවේ දැනට තියෙන ආනයන අපනයන දැනට තිබෙන පොර්ට්ස් වලින් කෙරෙනවා.”
මෙහිදී දේශීය ආයෝජකයෙක් ආයෝජනය කිරීමෙන් මෙම ව්‍යාපාරික කටයුත්තේදී ඉන්දියාව අධෛර්යමත් විය හැකි බවයි කබ්රාල් මහතා පෙන්වාදුන්නේ.
”සමහරක් වෙලාවට ඉන්දියාව ඒ තරම් උනන්දු නැතිවෙන්න පුළුවන්. දේශීය ආයෝකයෙක් අපිට ඕන නිසා මෙතන දැම්මට ඊට පසේ මෙතන නැව් එන්නේ නැත්නම් මොකක්ද ඒකෙන් තියෙන ප්‍රයෝජනේ. අපිට 51%ක් තියෙනවා. හබැයි ඒ 51%ට වටිනාකමක් එන්නේ නැහැ. වටිනාකමක් එන්නේ එතන බිස්නස් එකක් හැදුනොත්.”
මෙම ජැටිය සංවර්ධනයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්රතිලාභ ලැබීමට නම් ඊට ඉන්දියාව සම්බන්ධ විය යුතු බව හෙතෙම කියා සිටියේය. එම නිසා මෙම කාරණය තුළ තිබෙන ජාත්‍යන්තරික මැදිහත්වීමේ අවශ්‍යතාව තේරුම්ගත යුතු බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන ලදී.
කෙසේවෙතත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ කාරණයේදී ආණ්ඩුව ඉන්දියානු බලපෑමට ලක්ව නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.
භූගෝලීය පිහිටීම අනුව මෙම කටයුත්තේදී උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට නම් ඉන්දියාවේ ප්‍රබලයෙක් එක්ක මෙම කාර්ය කිරීම සුදුසු බව කබ්රාල් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ASK