Park and Ride City Bus සේවාව මහනුවරට
පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි (Park and Ride City) බස් සේවාව කඩිනමින් මහනුවරට හඳුන්වා දෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.
මහනුවර කටුගස්තොට, තැන්නේකුඹුර හා ගන්නෝරුව යන ප්‍රදේශයන් ආවරණය පරිදි මෙම බස් සේවාය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
දෛනිකව මහනුවර නගරයට ඇදී එන වාහන ප්‍රමාණය අවම කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, කටුගස්තොට, තැන්නේකුඹුර හා ගන්නෝරුව යන ස්ථාන වල වාහන ගාල් කිරීම සඳහා ස්ථාන ස්ථාපිත කර එතැන් සිට මහනුවර නගරය තෙක් සිටි බස් සේවාව ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසුවේය.
දුම්බර – එම්.ආර්. ප්‍රදීප්