මාස 8කට පසු තායිවානයේ කොවිඩ් ආසාදිත මරණයක්

තායිවානයේ දේශීය පොකුරක් ආශ්‍රිතව කොවිඩ්-19 මරණයක් වාර්තා වී ඇති අතර, එය මැයි මාසයේ සිට තායිවානයෙන් ප්‍රථම වරට වාර්තා වන කොරෝනා මරණය බව තායිවානයේ රෝග පාලන මධ්‍යස්ථාන පවසයි.

රෝහලකට සම්බන්ධ දේශීය පොකුරක කොටසක් ලෙස කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් 80 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් මෙසේ මියගිය බව තායිවාන සෞඛ්‍ය බලධාරීහු පවසති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොවිඩ්-19 වසංගතය සාර්ථකව පාලනය කළ රාජ්‍යයන් හා කලාප අතර තායිවානයද පවතී. මේ දක්වා එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 909ක් වන අතර, ආසාදිත මරණ සංඛ්‍යාව 8කි.