වවුනියාව පොලීසියේ 19 දෙනෙකුට කොවිඩ්
වවුනියාව පොලිස් සංකීර්ණයේ පොලිස් නිලධාරින් 16 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලය සඳහන් කළේ, වවුනියාව මූලස්ථාන පොලීසියට අනුයුක්ත නිලධාරින් තිදෙනෙකුට සහ වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියෙකුට මීට පෙර වෛරසය ආසාදනය වී තිබූ බවය.
ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් එම නව ආසාදිතයින් 16 දෙනා හඳුනාගෙන තිබේ.
වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටි සැකකරුවන් 16 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බවට පසුගිය 28 වන දින තහවුරු විය.
අනතුරුව වවුනියාව පොලිස් සංකීර්ණය ආශ්‍රිතව පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමේදී පොලිස් නිලධාරින්ට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේය.