අද (31) අවසන් පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන් තොටුපලට ගුවන් යානා 20 ක්!
අද (31) උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන් තොටුපල තුල මගී ගුවන් යානා 20 ක මෙහෙයුම් කටයුතු සිදුකර ඇතැයි වාර්තා වේ.
අදාල කාලසීමාව තුල ගුවන් මගීන් 1,183 දෙනෙකුට ගමන් පහසුකම් සලසා දී තිබේ.
මෙම කාළසීමාව තුළ ගුවන් යානා 10 කින් ගුවන් මගීන් 406 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි 182 දෙනෙකු ද, ජපානයේ නරීටා සිට පැමිණි 53 දෙනෙකු හා තවත් පිරිසක්ද ඒ අතර සිටිති.
ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.
එසේම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 777 දෙනෙකු ගුවන් යානා 10 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි.
ඉන් 248 ක් පිටත්ව ගොස් ඇත්තේ ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත බවද පැවසේ.