මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක් ; සූ චී අත්අඩංගුවේ

මියන්මාරයේ පාලනය හමුදාව තමා සතු ගෙන, එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ නායිකාව වන අවුන් සාන් සූ චී ඇතුළු දේශපාලන නායකයන් අද (01) අළුයම කාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

 

අත්අඩංගුවට ගැනීම් සිදුකර පැය කිහිපයක් ගතවීමට මත්තෙන් හමුදා රූපවාහිනි ඔස්සේ නිවේදනය කර ඇත්තේ වසරක කාලයක් පුරාවට එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

එරට පාලනය හමුදාපතිවරයා අතට භාරදෙන බව හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එරට අගනුවර වන නේපිඩෝ’ (Naypyidaw) හා ප්‍රධාන නගරය වන යැන්ගොන් හි මාර්ග වල හමුදා සෙබළුන් යොදා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම හමුදා කුමන්ත්‍රණය සිදුවී ඇත්තේ පසුගිය නොවැම්බරයේදී පැවති මතභේදාත්මක මැතිවරණයකින් පසු සිවිල් රජය සහ හමුදාව අතර මතගැටුම් උත්සන්න වීමෙන් පසුව ය.

2011 දී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ආරම්භ වන තෙක් බුරුමය ලෙස කලින් හැඳින්වූ මියන්මාරය, එරට හමුදාව විසින් පාලනය කරන ලදී.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!