කොවිෂිල්ඩ් එන්නතින් බරපතල අතුරු ආබාධ කිසිවක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය
කොවිඩ් 19 වෛරසයට එරෙහිව මෙරට දී ලබා දෙමින් තිබෙන ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතින් මේ දක්වා බරපතල අතුරු ආබාධ මතුව නොමැති බව වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රජා වෛද්‍ය විශේෂඥ හේමන්ත හේරත් මහතා පවසයි.
අතුරු ආබාධ ඇති වේ යැයි සැක සහිත කිසිවෙකුට හෝ මෙම එන්නත ලබා නොදෙන බවද හේරත් මහතා සඳහන් කරයි.
ඊයේ දිනය අවසන් වන විට 59154කට එන්නත ලබා දී ඇති බවත් ඊයේ දිනයේදී පමණක් එන්නත් මාත්‍රා 21329ක් ලබා දී ඇති බවද ඔහු කියා සිටියි.