ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ භූමදානයට අවසර දිය යුතුයි : ඇමරිකාව යළිත් අවධාරණය කරයි
කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේශ භූමදානය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව ඇමරිකා එක්සත් ජනපදය යළිත් අවධාරණය කර තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හා ආගමික විශ්වාසයන්ට, සස්කෘතික සම්ප්‍රදායයන්ට ගරු කරමින් කටයුතු කළ යුතු බවයි.
ශ්‍රී ලංකාවේ එසේ සිදු කරමින් ජනතාවට තම විශ්වාස වලට අනුකූලව ඔවුන්ගේ ඥාතීන්ට සම්ප්‍රදානුකූලව සමු දීමට අවස්ථාව උදා වනු ඇතැයි බලපොරොත්තු වන බව ඇමෙරිකාව කියා සිටී.