ටොම් රයිඩර්’ දෙවැන්නක්
ජනප්‍රිය හොලිවුඩ් සිනමා තරුවක් වන ඇලිෂියා වැකෙන්ඩර් නැවතත් ‘ටොම් රයිඩර්’ චිත්‍රපටයක් සඳහා සම්බන්ධව සිටින බවට තොරතුරු වාර්තා වෙයි. 2018 වසරේ ප්‍රදර්ශනය වූ ‘ටොම්බ් රයිඩර්’ චිත්‍රපටයේ ලාරා කොෆ්ට් ලෙස රංගනයෙන් දායක වූයේද ඇයයි.
ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක වූ නිසාම එහි දෙවැන්නක් මේ වනවිට නිර්මාණය කර ඇති අතර, චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ වනවිටද සිදුවෙමින් පවති. චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ මාර්තු 19 වැනිදාය. 2016 වසරේ ‘ද ඩැනිෂ් ගර්ල්’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසා ‘ඔස්කා’ සම්මානයක්ද ඇලිෂියා විසින් හිමි කර ගෙන ඇත.