නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

කොරෝනා ආසාදිතව , අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස 89 ක්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 2 වන දා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණා.