ඩයනාගේ පළමු ‘මලයාලම්’ චිත්‍රපටය

සායිෆ් අලී ඛාන් හා දිපීකා පදුකෝන් රංගනයෙන් දායක වූ ‘කොක්ටේල්’ බොලිවුඩ් චිත්‍රපටය හරහා සිනමාවට අවතිර්ණ වූ ඩයනා පෙන්ටි මේ වනවිට බොලිවුඩ් හා කෙලිවුඩ් චිත්‍රපට කිහිපයක් සඳහාම තම රංගන දායකත්වය ලබාදුන් සිනමා නිළියක් බවට පත්ව සිටියි.

මේ වනවිට ඇය මලයාලම් සිනමාවටද එක්ව සිටින අතර, ඇයගේ පළමු මලයාලම් චිත්‍රපටය මේ වනවිට රූපගත කෙරෙමින් පවති. රොෂාන් ඇන්ඩ_ විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය ‘සැලයුට්’ ලෙස නම් කර තිබේ. ඩයනා සමගින් මෙහි දකුණු ඉන්දිය සිනමා නළු දුල්ගිර් සල්මාන් රංගනයෙන් දායක වෙයි.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!