LK මේඩොන් බලපෑම වී තිබෙන්නේ රජයේ වෙබ් අඩවිවලට

LK ඩොමේන් යටතේ ලියාපදිංචිව ඇති වෙඩ් අඩවි වෙත අද(06) උදෑසන සිදු වූ අනවසර ඇතුළුවීම රජයේ වෙබ් අඩවි ඉලක්ක කරගෙන සිදු වූ බව LK ඩොමේන් ලේඛකාධිකාරී, මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසනවා.

මහාචාර්යවරයා පැවසුවේ, ප්‍රහාරයට ලක්වූ රජයේ වෙබ් අඩවි ඇතුළු අනෙකුත් වෙබ් අඩවිවල IP ලිපින මාරු කර වෙනත් වෙබ් අඩවියකට පිවිසීමට ඉඩ හැර ඇති බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම සයිබර් ප්‍රහාරයෙන් වෙබ් අඩවිවල දත්ත සොරාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැති බව ද ඔහු සඳහන් කළා.

විදුලි සංදේශ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමග එක්ව එම ගැටලුව යථා තත්ත්වයට පත්කර ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.