ජනතා ගැටළු විසඳීම දේශපාලන නාට්‍ය හෝ මාධ්‍ය සංදර්ශණයක් නොවෙයි : ජනපති කියයි

ජනතා ගැටළු විසඳීම දේශපාලනනාට්‍ය හෝ මාධ්‍ය සංදර්ශණයක් නොවෙයි …

ජනතාව අතරට නොගොස් නිලධාරීන් මගින් පමණක්ගැටළු හඳුනා ගැනීම මගේ ක්‍රමය නොවෙයි …. දික්ඇල්ලකන්ද “ගම සමග පිළිසඳරේ” දී ජනපති කියයි

Øජනතා ගැටළු විසඳීමට ගත් තීන්දු දඩමීමා කරගෙන වැරදිකරන්නන්ට ඉඩක් නැහැ …

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

Øවැඩකර ජනතාව අතරට යන්න – තරුණ මහජන නියෝජිතයන්ට උපදෙස් …

Øආර්ථිකය ශක්තිමත් නොකර ජාතිකත්වය රකින්න බැහැ ….

Øමාළිබොඩ නගරයට විධිමත් සැලැස්මක් සහ නිවාස ව්‍යාපෘතියක් …

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලනනාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාඅවධාරණය කරයි.

ඊළග ජනාධිපතිවරණයට තවත් වසර හතරකටආසන්න කාලයක් තිබේ. ගමට යන්නේ බලයේ සිට කළයුතු මෙහෙවරඉටුකරන්න. විපක්ෂයේදී පැමිණියත්, ජනතා ගැටළු විසඳමින් දුෂ්කර ගම්මාන වෙතගිය වෙනත් ජනාධිපතිවරයෙකු නැත. කොළඹ සිටිමින් නිලධාරීන්ගෙන් පමණක් විමසා ජනතා ගැටළු හදුනා ගැනීම මගේ ක්‍රමය නොවෙයි.කවරකුමේ ක්‍රමය විවේචනය කළ ද “ මම මගේ ක්‍රමයට වැඩ කරනවා” යැයි රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

“ජනතාව අතරට ගොස් වැඩකරලයි මම ජනාධිපතිවුණේ. වැඩ කිරීමෙන් පමණයි ජනතා නායකයෙක් වියහැක්කේ” එබැවින් ජනතාව අතරට ගොස් වැඩ කරන ලෙසජනාධිපතිතුමා තරුණ මහජන නියෝජිතයින්ට උපදෙස් දෙයි.

අද (06)පෙරවරුවේකෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්ඇල්ලකන්ද ග්‍රාමනිලධාරීවසමේ, දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාල භූමියේපැවති “ගම සමග පිළිසඳර” නව වැනි වැඩසටහනට සහභාගීවෙමින්ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

ජනතා ගැටළු විසඳීමට ගත් තීන්දු දඩමීමාකරගෙන යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නීති විරෝධි ක්‍රියාවන්හි නිරත වන්නේ නම්ඔවුන්ට දැඩිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පාරම්පරිකව වගා කළ ඉඩම්වල වගා අයිතියගොවියාට දීමට තීරණය කෙරිණ. එය ප්‍රයෝජනයට ගෙන පරිසරයට හා වනරක්ෂිතයට හානිවන අයුරින් පිරිසක් ක්‍රියාකරමින් සිටින බව අනාවරණය වී ඇතැයිජනාධිපතිතුමා පවසයි. ස්වභාවධර්මයේ ශක්තිය මිනිසාගේ උන්නතියටපාවිච්චි කළ යුතුය. ආර්ථිකය ශක්තිමත් නොකර ජාතිකත්වය රැකියනොහැකි බවත්, කෘෂිකර්මාන්තය පදනම් කරගත් ජාතිකආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණ බවත් ජනාධිපතිතුමා පැවසීය.

2020සැප්තැම්බර්25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ,රත්නපුරය,අනුරාධපුරය,අම්පාර,පොළොන්නරුවකලුතර සහ මොණරාගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ.මෙතෙක්නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී,ඔවුන්ගේගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම ජනාධිපතිතුමාගේඅරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණයකරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්නවිමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම ගම සමග පිළිසඳර වැඩසටහනේ අපේක්ෂාවයි.

දැරණියගල නගරයේ සිට කිලෝමීටර් 23ක් පමණ දුරින් පිහිටි දික්ඇල්ලකන්ද ග්‍රාමයශ්‍රිපාද රක්ෂිතයට මායිම්ව පිහිටා තිබේ. අස්ගල,පල්ලහේන,නාමල්වත්තසහ ඌරවනාව, දික්ඇල්ලකන්ද ග්‍රාමසේවා වසමට අයත්ය.පවුල්208ක් වෙසෙන මේ ගම්මානවල ජනගහනය 718කි.මාලිබොඩ,පොත්දෙනියසහ මාගල යන ගම්මාන දික්ඇල්ලකන්ද වටා පිහිටි අනෙක් ගම්මාන වේ.

අතිශය සංවේදී පරිසර කලාපයක පිහිටා ඇතිමේ ගම්මානවල ජනතාවගෙන් බොහෝ දෙනෙක් තේ වගාව හෝ ඒ ආශ්‍රිත රැකියාවක නිරතව සිටිති.කරාබුනැටි,එනසාල්,ගම්මිරිස්සෙසු වැවිලි බෝග වේ. කිතුල් කර්මාන්තයේ නිරත පවුල් සංඛ්‍යාව25කි.

මාර්ග සහ පාලම් පද්ධතිය සංවර්ධනය නොවීමසහ පොදු ප්‍රවාහන සේවා දුර්වලවීමෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

රැස්ව සිටි ජනතාව තමන් මුහුණ පා සිටිනවිවිධ ගැටළු ජනාධිපතිතුමා හමුවේ විස්තර කළහ.මාර්ගදුෂ්කරතා පිළිබඳව කළ පැමිණිවලට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා පොත්දෙනිකන්ද සිට දික්වැල්ලකන්දදක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු හෙට (08) සිටම ආරම්භ කර කඩිනමින් අවසන් කරන ලෙසනිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මාලිබොඩ සිට ශ්‍රීපාද මාර්ගයේ පන්දෙනියදක්වා, දැරණියගල සිට නූරිය උඩමාලිබොඩ සිටදික්ඇල්ලකන්ද සහ මාලිබොඩ සිට ඌරවනාව අඹගහකන්ද දක්වා කොටස් ඇතුළු ප්‍රදේශයේ මාර්ගරැසක් කඩිනම් සංවර්ධනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

දිවයින පුරා ග්‍රාමීය වතු ආශ්‍රිතව ඇතිකුඩා ප්‍රවේශ මාර්ග, අතුරු මාර්ග හා සම්බන්ධ වන අයුරින්සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ප්‍රදේශයේ ඇති සියලු පාලම් පිළිබඳවිධිමත් අධීක්ෂණයක් කර සංවර්ධනය කිරීමට ද තීරණය විය.සංවර්ධනක්‍රියාවලියේ දී කොන්ත්‍රාත්කරුවන් අසාර්ථක වන්නේනම් ඔවුන් අසාදු ලේඛනගත කර ඒ සඳහාසුදුසු ආයතන වෙත පරවන ලෙස ද ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

මින් පසු සියලු ඉදිකිරීම් මහජනනියෝජිතයන්ගේ සහ නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් වේගවත් විය යුතු බව ද ජනාධිපතිතුමාඅවධාරණය කළේය.

පානීය ජල හිඟයට පිළියම් ලෙස පොල්ගස්වත්ත,බස්නාගල- හොරගහහින්න ජල ව්‍යාපෘති කඩිනම් කිරීමටත්,දිස්ත්‍රික්කයේඇති ජල මූලාශ්‍ර හඳුනාගෙන පානීය ජල අවශ්‍යතා සැපයීම කෙරෙහිත් විශේෂ අවධානය යොමුවිය.

මාලිබොඩ නගරය විධිමත් අයුරින් සංවර්ධනයකරන ලෙස නාගරික සංවර්ධන අමාත්‍යාංශයටත්, නව නිවාස යෝජනා ක්‍රමයක් කඩිනමින්ඇරඹීමට වතු නිවාස යටිතල පහසුකම් රාජ්‍යඅමාත්‍යාංශයටත් උපදෙස් දුන්නේය.

දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාලයට නවගොඩනැගිල්ලක් ලබාදීම විද්‍යාගාර පහසුකම් සහ ක්‍රිඩාපිටිය සංවර්ධනයට ද තීරණය කෙරිණ.ගුරුවරුන්ගේප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ත්‍රිරෝධ රථයක් පරිත්‍යාග කිරීමට ජනාධිපතිතුමා තීරණයකළේය.

පොත්දෙනිකන්ද විද්‍යාලයේ ක්‍රිඩාපිටියසංවර්ධනය හෙට සිටම ඇරඹේ. ක්‍රීඩා සහ තූර්ය වාදන භාණ්ඩ නොමැතිසියලු පාසල්වලට ඒවා ලබා දෙන්නැයි ජනාධිපතිතුමා අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දුන්නේය. සියලු පාසල්වල ඇති පරිගණක අවශ්‍යතා සොයා බලා සම්පූර්ණ කරන ලෙස දරාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල ගුරුහිඟය නැති කිරීමට සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමාපැවසීය. දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ඉංග්‍රීසි,ගණිත,විද්‍යාසහ තොරතුරු තාක්ෂණ ගුරු පුරප්පාඩු සඳහා අ.පො.ස උසස් පෙළ සමතුන්ට අවස්ථාව දීම කෙරෙහිද විශේෂ අවධානය යොමු විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීයරෝහල්වල පවතින වෛද්‍ය සහ සෙසු කාර්ය මණ්ඩල පුරප්පාඩු පියවීමටත්,යටිතලපහසුකම් සංවර්ධනයටත් තීරණය කෙරිණ. ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් පැවතිගැටළු කෙරෙහි ද ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.

SLTමොබිටෙල් ආයතනය දික්ඇල්ලකන්ද කණිෂ්ඨවිද්‍යාලය, මාලිබොඩ දෙමළ විද්‍යාලය,උඩුමාලිබොඩශ්‍රී දේවානන්ද විද්‍යාල සඳහා පරිත්‍යාග කළ පරිගණක සහ ඩයලොග් ආයතනයෙන් පිරිනැමු රූපවාහිනි යන්ත්‍රහා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරිකොබ්බෑකඩුව, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්,රාජ්‍යඅමාත්‍යවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය,පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය, සුදත් මංජුල,සාරතීදුෂ්මන්ත, රාජිකා වික්‍රමසිංහ,ජනාධිපතිප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ දිස්ත්‍රික්කයේ ජනතානියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරු,රාජ්‍යආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාල භූමියේපැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

2021-02-06