තුෂාර් කපූර්ගේ මිළඟ නිෂ්පාදනය

සිනමා නළුවෙකු ලෙස 20 වැනි දශකයේ අතිශය කතාබහට ලක්වූ තුෂාර් කපූර් මේ වනවිට සිනමා නිර්මාණ සඳහා එක්වන්නේ තරමක් අඩුවෙනි. රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කළ ‘ගෝල්මාල්’ චිත්‍රපටවල පමණක් දකින තුෂාර් මේ වනවිට චිත්‍රපට නිෂ්පාදනයට යොමුව සිටින බව වාර්තා වෙයි.

ඔහුගේ අලුත්ම චිත්‍රපට නිෂ්පාදනය වන්නේ ‘මැරිඩ්’ ය. නස්රුදින් ෂා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර, තුෂාර් කපූර් හා ලංකාවේ ‘මේ ආදරයයි’ ඉන්දියානු චිත්‍රපටයේ ‘ෂංගුන්’ ලෙස රංගනයෙන් දායක වන අනීටා හසනන්දනි මෙහි රංගනයෙන් දායක වෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!