විමල් වීරවංශ ජනතාවගෙන් සමාව ගත යුතුයි – පොදුජන පෙරමුණේ මහ ලේකම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට විමල් වීරවංශ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා පවසයි.
පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගතයුතු බව පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. අද (08) පැවති මාධ්‍ය හමුවකදී පොහොට්ටු ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
පොදුජන පෙරමුණ යනු විමල් වීරවංශ මහතාගේ පක්ෂය නොවන බවත්, ඒ අනුව පොදුජන පෙරමුණේ ගැටලු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට ඔහුට කිසිදු අයිතියක් නොමැති බවත් කාරියවසම් මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම ප්‍රකාශය තුන්වැනි පංතියේ ප්‍රකාශයක් ලෙස සඳහන් කළහැකි බවයි.
මෙවැනි පුද්ගලයෙකු නායකත්වය දරන පක්ෂයක් තම පක්ෂයද සමග සන්ධානගතව සිටීම සම්බන්ධයෙන් කණාගටුවට පත්වන බවද සාගර කාරියවසම් මහතා පවසනවා.
විමල් වීරවංශ ඇමතිවරයා සහ පොහොට්ටුව අතර යම් මතගැටුමක් නිර්මාණය වී ඇති අතර විමල් වීරවංශ මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබුණේ තමන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පොහොට්ටුවේ ලේකම්වරයා කණගාටුවට පත්වීම සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන බවයි.