නිදහස් උත්සවයට සහභාගී වූ සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් 35කට කොවිඩ්

කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති නිදහස් දින සැමරුම් උළෙලට 4 වන දා සහභාගී වූ සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් 35 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ නිදහස් සැමරුම් උත්සවයෙන් අනතුරුව සිදු කළ පී.සී. ආර් පරීක්ෂණ වලදී එය තහවුරු වී ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නිදහස් දින උළෙලට සහභාගී වීමට පෙර එම සෙබළුන් මිහින්තලය ප්‍රදේශයේ කඳවුරක සිට ඇති අතර උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ඔවුන්ව අම්පාර, පහළලන්ද සිවිල් ආරක්ෂක බළකා කඳවුර වෙත යොමු කර තිබෙනවා.

අදාළ සෙබළුන් නිවෙස්වලට යාමට පෙර සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව ඔවුන් ආසාදිතයන් ලෙස තහවුරු වූ බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ