බල්ලන් සහ බළලුන් කොවිඩ් පරීක්ෂණවලට
දකුණු කොරියාවේ, සෝල් අගනුවර සුනඛයන්ට සහ බළලුන්ට කොවිඩ් පරීක්ෂණවලට ලක්කිරීමට එරට බළධාරීන් පියවර ගෙන තිබෙනවා.
එරට කොවිඩ් වෛරසය ආසාදනය වූ බළලෙකු හඳුනාගැනීමත් සමග එරට බළධාරීන් මෙම පියවර ගෙන තිබෙනවා.
ස්වසන අපහසුතා වැනි කොවිඩ් රෝග ලක්ෂණ පහළ කලහොත් පමණක් පරීක්ෂණවලට ලක් කෙරෙන බවයි එරට වාර්තා කියාසිටියේ.
කිසියම් අයුරකින් පරීක්ෂාවට ලක් කෙරෙන සුරතලෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි අනාවරණය වුවහොත් ඔවුන් අදාළ නිවසේම නිරෝධායනයට යොමු කිරීමට නියමිතයි.
එහෙත් සත්වයාගේ හිමිකරුද රෝහල්ගතව සිටී නම් සුනඛයා හෝ බළලා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරෙනු ඇති.