නෙදර්ලන්තය, විදෙස් දරුවන් හදාවඩා ගැනීම අත්හිටුවයි

විදේශවලින් දරුවන් හදාවඩා ගැනීමට ලබාගැනීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට නෙදර්ලන්තය පියවර ගෙන තිබෙනවා.

අපයෝජන රැසක්, නිල පරීක්ෂණයකදී හඳුනාගැනීමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොලොම්බියාව සහ ඉන්දුනීසියාව යන රටවලින් 1967 සිට 1988 යන කාලය තුළ හදාවඩා ගැනීමට දරුවන් ලබාගැනීම කෙරෙහි එම විමර්ශනයෙදී අවධානය යොමු කර තිබෙනවා.

නෙදර්ලන්තයේ ඉහළම සිවිල් නිලධාරියෙකු වන ට්ජිබ්බේ ජුස්ට්‍රා ගේ නායකත්වයෙන් යුතු විමර්ශන කමිටුවේ අවධානයට ලක්වූ, 1967-1988 කාලයට පෙර හා පසු, වැරදීම් රැසක් සිදුව ඇති බව කමිටුව විසින් නිගමනය කර තිබෙනවා.

පවතින ක්‍රමය තවදුරටත් වංචාවලට ඉඩකඩ සලසන්නක් වන අතර වර්තමානය දක්වා ම අපයෝජන සිදුවන බව කමිටු වාර්තාව පෙන්වා දෙනවා.

මිජ්න් රූට්ස් පදනමේ දත්ත අනුව, 1981 – 1992 අතර කාලය තුළදී නෙදර්ලන්ත යුවළ විසින් හදාවඩා ගැනීම සඳහා දරුවන් ලබාගන්නා ලද ප්‍රධාන රටවල් මෙලෙස දැක්විය හැකියි.

ශ්‍රී ලංකාව – දරුවන් 2,972
කොලොම්බියාව – 2,132
ඉන්දියාව – 1,517
දකුණු කොරියාව – 1,323
ඉන්දුනීසියාව – 1,252
1971-1980 කාලය තුළදී ප්‍රධාන රටවල් වූයේ දකුණු කොරියාව (2,317), ඉන්දුනීසියාව (1,788) සහ ඉන්දියාව (865) යි..